පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලිය(Church of the Flying Spaghetti Monster)  

Posted by AncientGlory

වරක් ලෝකයේ වේගයෙන්ම පැතිරෙන ආගම් මොනවද කියා ප්‍රශ්නයක් මතුවුනා. බොහෝ දෙනා දුන් උත්තර වූයේ ඉස්ලාම්, බුදුදහම, සහ paganism(සිංහල නම හරියටම දන්නේ නැහැ.)යන ඒවයි කියා.

මට දැන් හිතෙන්නේ මේයට ඇතුලත් විය යුතුම කොටසක් නම් Pastafarianism යන කන්ඩායමයි. දැන් කට්ටිය අන්දුන් කුන්දුන් වෙලා බලනවා මොකද්ද ඒ අග මුල නැති කතාව කියලා. තව පොඩ්ඩකින් තෙරේවි.බොහෝ දෙනෙක් මේ ආගම ගැන අහලවත් නැති බව මා දන්නවා. ඊට කලින් මේ දත්ත ගැන හිතන්න. මා හිතන හැටියට ලොඅකයේ ජනඝහණයෙන් 8%-10% පමන පස්ටෆාරියන්ලා. ඒ වගේම මෙය ඉතාම වේගයෙන් පැතිරෙනවා.

පස්ටෆාරියන්ලා අයිති වෙන්නේ Church of FSM(Flying Spaghetti Monster) නොහොත් පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලියටයි. (Spaghetti කියන වචනය මම නූඩ්ල්ස් කියලා පරිවර්තනය කලා. අර්ථය එච්චර වෙනස් වෙන් නැති නිසා.)  

ඔවුන්ගේ පිලිගැනීම්.

(1)ලෝකය ඇතුලු සියල්ල මැවුවේ පියාඹන නූඩ්ල්ස් යකා විසිනි.

(2)පෘථිවියේ උශ්ණත්වය ඉහල යාමට හේතුව, මුහුදු මංකොල්ලකරුවන් විශාල ලෙස අඩු වීමය.

ඔව් ඇත්තටම මෙය ලොකු විහිලුවක් විදිහටයි පෙනෙන්නේ. නමුත් මේ විහිලුවට යටින් ලොකු කතාවක් තියෙනවා.

2005 වසරේ ඇමරිකන් ජාතික බොබී හෙන්ඩර්සන් විසින් මෙම ආගම පිහිටුවනු ලැබුවේ(ඇත්තටම ආගමක් නෙවේ.), කැන්සාස් අධ්‍යාපන කමිටුව විසින්, පරිනාමවාදය(Theory of Evolution) සඳහා ඇති විකල්පයක් ලෙසට, මැවුම්වාදය(Theory of Intelligent design) ඉගැන්වීමට ගත් තීරණයකට විරුද්ධව.දෙවියන් විසින් සියල්ල මැවුවා යන සංකල්පය, පාසලේ උගන්වනවා නම්,පියාඹන නූඩ්ල්ස් යකාගේ සංකල්පයද, සමසේ තැබිය හැක්කක් බවත්, ඒබැවින් එය විශය මාලාවට ඇතුලත් කල යුතු බවටත් අධ්‍යාපන කමිටුවට විවෘත ලිපියක් යවමින් ඔහු තර්ක කලා. මේ එම ලිපිය. මේ ඔහු පිහිටුවපු වෙබ් අඩවිය. මේක හරි හාස්‍යයෙන් පිරි තැනක්.

මැවුම්කාර දෙවියන්ට ප්‍රසිද්ධියේ සරදම් කිරීමක් ලෙස මෙය පෙනුනත්, බොබී හෙන්ඩර්සන් කල දෙයෙහි වටිනා අරමුණක් තියෙන බවයි මට පෙනෙන්නේ.

කොහොම වුනත් ලෝකයේ ඉන්නා අදේවවාදින්, ආගමට නැඹුරුවක් නැති පිරිසෙන් කොටසක් අතර මේ දහම ඉතා ඉක්මනට ජනප්‍රිය වුනා.(Atheists, Agnostics, Humanists, etc වැනි අය අතරේ.) ඔවුන් නිකම්ම පස්ටාෆාරියන්ලා වෙනවානේ. මේ පිරිස ඉතා වෙගයෙන් වැඩි වෙන නිසා පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලියට හොඳ කලක් යන බවක් තමා පෙනෙන්නේ.

මූලික සිංහල ස්වරයක‍ට අකුරක් නැත.  

Posted by AncientGlory

අපේ මාතර සීයා මහා පුදුමාකාර උගතෙක්. එතුමා ජීවතුන් අතර හිටපු කාලයේ මාත් සමහර දවස් වල කතාවට එකතු වෙනවා. දවසක් සීයා කියන‍වා සිංහල  භාෂාවේ ප්රධානම ස්වරය‍ට අකුරක් නැතිලු. (ස්වරයක් කියලා මා කි‍ව්වේ අ,ආ,ඇ,ඈ,ඉ,ඊ,උ,ඌ,එ,ඒ,ඔ,ඕ, යන ඒවායි.)

මේක තේරුම් ගන්නේ මෙහෙමයි.
'තරහ', 'ගස' යන වචන දෙක කියවන්ඩ.

'තරහ' කියන ‍වචනය ඉවර වෙන්නේ 'අ' කියන ස්වරයෙනුයි.

'ගස' ඉවර වෙන්නේ 'අ' ස්වරයෙන් නෙවේ කියලා අවධානයෙන් බැලුවොත් තේරේවි. ඇත්ත‍ටම මේ ස්වරය ලියන්ඩ අකුරක් නැහැ භාෂාවේ. ශබ්ද වෙන්නේ ටිකක් 'අර්' වගේ.

ම‍ට තේරුණ හැටිය‍‍ට නම් සීයා කියුවේ සිංහල භාෂාවේ පලමු ස්වරය ‍විය යුත්තේ මේකයි. මේ ස්වරය‍ට අකුරක් දාලා නැත්තේ මොකද කියලා මා කල්පනා කලා. හේතුව මේකයි. මේ ස්වරයෙන් ප‍ටන් ගන්න වචන නැහැ.

භාෂාවේ පලමු ස්වරය පැහැදිලි කරපු සීයා මෙම අඩුපාඩුව වගේම සිංහල අකුරැ ලි‍වීමේ දුෂ්කරතාවයත් පැහැදිලි කරමින් පිලියමක් ලෙස තමාම හදපු අකුරැ පෙලකුත් ඉදිරිපත් කලා.

රෝහිණී සහ ස්කැරමවුෂ්  

Posted by AncientGlory

සිංහලයේ මහා ගත්කරු මාටින් වික්රමසිංහයන් විසින් රචිත රොහිණී නවකතාව මා කියෙව්වේ අවුරුදු ගනකට ඉස්සර. ප්රන්ශ ගත්කරු රෆායල් සබාතිනී(Rafael Sabatini) ලියපු ස්කැරමවුෂ් නවකතාව මා කියෙව්වෙ අවුරුදු දෙකකට විතර කලින්.

මේ රෆායල් සබාතිනී
Rafael Sebatini

දැන් තමා පුදුම හිතෙන දෙය. ඔබත් කියවල තියෙනවනම් එකග වේවි, පසුබිම හැරුනම(රෝහිණී - ලංකාවේ ඓතිහාසික සිදුවීමක්, ස්කැරමවුෂ් - ප්රන්ශ විප්ලවය) මේ කතා දෙක ගොඩක් දුර‍ට එකමයි. ඇත්තටම රෆායල් සබාතිනීගෙ ස්කැරමවුෂ් කියන්නෙ දැවැන්ත නවකතවක්. රෝහිණී එහි සාරාන්ශයක් වගේ.

පොත් දෙකම එක වගෙ වුනේ කොහොමද කියන ප්රශ්නය මා අගක් මුලක් නැතිව කල්පනා කරන‍වා.

කාලයක් නැත…  

Posted by AncientGlory

කල්පනා කරගෙන යද්දි මට හිතුනා කාලය කියලා දෙයක් ඇත්තටම නැහැ කියලා. මුලදි මෙය ‍‍‍තේරුම් ගන්ඩ අමාරුයි.

ඇත්තටම කාලය කියන්නේ මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණයක්. කොච්චර විශිෂ්ටද කියනවනම් මිනිසා තමාගේම නිර්මානයේ වහලෙක්.


දැන් කාලයක් නැහැ කිව්වම හැමෝම පුදුම වෙලා බලනවා. මොකද කාලය නිරපෙක්ෂයි කියල හිතන්ඩ අප හැමෝම පුරුදු වෙලා තියෙන නිසා. මට හිතෙන හැටියට මේකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම එකක් තමා අප මේ ජීවත්වන පෘථිවි රාමුව ගොඩනගල තියෙන්නෙ කාලය කියන සංකල්පය උඩ වීම. විද්‍යාව, භාෂාව විතරක් නෙවේ චින්තනය පවා ගොඩ නැගිල තියෙන්නෙ කාලය නිරපෙක්ෂයි කියන සංකල්පය උඩ.

අපට හිතෙන‍වා කාලය නොනැවතී ගමන් කරන නිසා ‍මේ හැමදේම වෙනස් වේගෙන යන‍වා කියලා. කාලය මනින්ඩ අප තප්පර,පැය,අවුරුදු වගේ ඒකක දා‍ගෙන ඉන්න‍වා. නමුත් ඇත්තටම බැලුවොත් පේන‍වා මේ ඒකක ඔක්කොම සාපේක්ෂයි කියලා. අප වයස මනින්නේ පෘථිවියේ සාපේක්ෂ චලිතයක් උපයෝගී කරගෙනයි.

මා දන්න හැටියට නිව්ටෝනියානු භෞතික විද්‍යාවේදි අප කිසිම තැනක කාලයේ සාපේක්ෂ බවක් ගැන කතා කරන්නේ නැහැ. අපට ඇත්තටම එහෙම දෙයක් ඕන නැහැ. ‍මොකද පෘථිවි රාමුව අස්සේ ඉදගෙන වෙන දේවල් පැහැදිලි කරන්ඩ අපට නිව්ටන්ගේ නියම වලින් පුලුවන්. ඒත් පෘථිවියෙන් එලියට යද්දි වෙන දේවල් ටිකක් පැ‍ටලිලි සහගතයි. අයින්ස්‍ටයින් කාලයේ සාපේක්ෂ බවක් ගැන කතා කරන්නේ ඒ නිසයි.

සාපේක්ෂ යමක සැබෑ පැවැත්මක් නැහැ යන දාර්ශනික අදහස මා මෙතනදි ඉදිරිපත් කරන‍‍වා.

කාලය කියා දෙයක් නැහැ. තිබෙන්නේ වෙනස් වීමක් ‍විතරයි. වෙනස් ‍වීම මැනීම‍ට කාලය නිර්මාණය කල මිනිසා පසුව සිතුවා කාලය නිසයි වෙනස්‍වීම වන්නේ කියා.

සියල්ල නිරතුරුවම වෙනස් වන බවත් මොහොතකට(කාලය සම්බන්ධ වචනයක් වුනත්…) පෙර තිබූ දෙයක් දැන් නැති බවත් මෙම වෙනස් ‍වීම යනු ‍යථා ස්වභාවය බවත් බුදුන් දේශනා කලේ එමනිසා.

නිර්මාංශ ප්‍රශ්නය… 3  

Posted by AncientGlory

මිලදී ගන්නා මස් ත්‍රිකෝටි පාරිශුද්ධ නැති බවයි මට නම් හිතෙන්නේ.

අපි බුදුන් කියපු දෙයක් හරියට තේරුම් ගන්න නම් කියපු කාලය සහ කියපු හේතුත් හොඳින් විම්සිල්ලෙන් බලන්න ඕනේ. බුදුන් ගේ කාලයේ හාමුදුරුවරු ආරාධනවෙන් දාන වලට වඩින එක අඩුවෙන් වුන බවයි පෙනෙන්නේ. එම නිසා තමන් වෙනුවෙන් නොමරපු(මිලදී නොගත් කීවත් එකමයි.) මස් ඒ කාලයේදී නිතරම හම්බ වුනා. බොහෝ විට පිඬු සිඟා වඩින විට, කැලේ යන විට, සහ වැඩ සිටින විට අහම්බෙන් එතනින් යන කෙනෙක්ගෙන්. එම නිසා ත්‍රිකෝටි පාරිශුද්ධ මස් ඒ කාලයේ නිතරම තිබුනා, ඒ නිසයි ඒ ගැන පැහදිලි කරලා තියෙන්නේ.

යමෙක් කෙලින්ම ඝාතනයට හවුල් නොවුනත් එම මස් කෑම සුදුසු නැති බව කියන්නයි තමා වෙනුවෙන් මැරූ බවට සැක නැතිව දනගත යුතු බව කියා ඇත්තේ. මෙහි අදහස තමා නිසා කිසි සතෙකුට හිංසාවක් නොවෙන බවට වග බලා ගැනීමයි. බුදුන් අවිහින්සා වාදියෙක්.

හොඳින් හිතා බැලුවොත් මෙහි එතරම් තර්කයට දෙයක් නැති බව තමා මට පෙනෙන්නේ.

තව එකක්, බුදුන් මස් කෑ බව කවුරු හරි කිසි තැනක අහලා තියෙන්වද?


බුදු බණ දැන ගත්තත් නැතත්, මිනිසුන් පින් පව් ගැන තැකීමක් නැහැ. හොඳ නරක ගැන අපි හැමෝටම අවබෝධයක තියෙනවා. නරක වැඩ වලින් වලකින්න කියන පුරුද්ද, පෙලඹවීම වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ, නීති වලින් මිසක් ආගමෙන් නෙවෙයි. මිනිස්සු ආගම තමන්ට කැමති විදියට වෙනස් කරගන්නවා.

හැම ආගමක්ම එහෙමයි. උදාහරනයක් විදිහට, මිනිස්සු දන්නවා මස් කෑම බුදුන් කිසි දිනක අනුමත නොකල බව. එය තර්කයෙන්ම දැනෙන දෙයක්. නමුත් බුදුන්, මස් කෑම වැරැද්දක් නොවන අවස්ථා ඇති බවත් පෙන්වා දී ඇති බව පෙනෙනවා. මට නම් බුදුන්ගේ අදහස මේ වගේ පෙනෙන්නේ. "හැකි සෑම විටම මස් කෑමෙන් වලකින්න. මන්ද යත් එමගින් සතෙකුට ඔබ නිසා හින්සනක් වීමට ඇති ඉඩ අවම වන බැවිනි."

ඇතැම් අයෙකුට මස් කෑමට ඇති කෑදර කමෙන් මිදිය නොහැකියි. එය ඔහු කන සතාත් ඔහුත් අතර ප්‍රශ්නයක් මිස වෙන කාටවත් ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් තමාගේ එම ක්‍රියාව, ආගම තුල සාධාරණීය කල යුතු බවට එවන් අය සිතන්නේ ඇයිදැයි යන්න ගැටලුවක්. ඇතැම් විට තමා තුලම එම ක්‍රියාව පිලිබඳ සැකයක් ඇති වීම විය හැකියි. ඒත් බුදු දහමේ හරය එසේ විකෘති කිරීමට යාම වැරැද්ද්ක්.

කාලයක් මා අන්තර්ජාලය තුල එක්තරා කල්ලියකට බැඳී සිටියා. මෙහි සිටියේ ලෝකයේ නොයෙක් රටවල බෞද්ධයන්. ඔවුන්ගේ වෙනස නම් ශ්‍රී ලංකවේ බෞද්ධයන් මෙන් ජන්මයෙන් බෞද්ධ බව ලැබූ අය නොව අවබෝධයෙන් පැමිණි අය වීමයි. ඔවුන් බොහෝ දෙනෙක් සමග නම් මෙය තර්ක කිරීමටවත් දෙයක් වුනේ නැහැ.
 

නිර්මාංශ ප්‍රශ්නය… 2  

Posted by AncientGlory

නිර්මාංශ ප්‍රශ්නය සම්බන්ධයෙන් මගේ මිතුරන් කිහිප දෙනෙක් සමග විද්‍යුත් තැපෑල ඔස්සේ ගෙන ගිය සංවාදයක්.


Hi AG,

I will give u my idea on this but i'm also interested in knowing others points of view
as well..

Before getting into exact answer, I think the following general rule of dhamma would help.

  If some action causes trouble for you and/or others then that should not be done.
  If it does not causes trouble for both you and others then that can be done.

As for ur exact question..

There are rules regarding that in dhamma. But merely looking at those rules would not completely answer your question. We should look more deeply into how those rules were brought up and what limitations do they have and what exact purpose do they serve.

I would list the rules, as far as i know.

* For lay people there is no rule regarding eating meat.
* In the rules for ordained monks, who have highest virtue of all, there are restrictions like  this,
      1. if it is seen that the animals were killed specifically to provide meat for monks,
          that meat cannot be accepted.
      2. if it is heard  that the animals were killed specifically to provide meat for monks,
          that meat cannot be accepted.
      3. If there is any kind  of doubt that the animals were killed specifically to provide
          meat for monks,  that meat cannot be accepted.

      And there are 10 types of meat mentioned as not accepted. That include meat of
      human, dog, lion, tiger, snake, etc.

     And there are some other related rules as cannot accept raw meat.

So according to rules in dhamma, even for ordained monks, eating meat is ok unless it
violate the above rules.
And there are evidence that the monks in Lord Buddha's  time ate meat. And very devoted monks like achan chah, lived in recent past and followed the path to the very end, have eaten meat.

As it was mentioned earlier, to completely understand these rules, you should look more deeply into how those rules were brought up and what limitations do they have and what exact purpose do they serve.

For that we have to come out of our limited frames of mind and investigate really what Dhamma is and open our minds to see what samsara is like. If someone has courage and wisdom to do that, answers for many questions become obvious to him.

BR,
AS
------------------------

Hi AG,

I agree with AS. But I think, although it would not harm your "pancha seela" when you eat meat, it is better if you can refrain from them. Because, if we all refrain from meat, innocent animals' lives would be saved.

But, again if you start to think that you are living up to a some sort of "seela" by not eating meat, you've been caught in "seelabbatha paramasa" -ie viewing non-seela concepts as seela. 
Regards,
GS
-----------------------

Dear AG,

Thank you for bringing up a question as this. The two excellent answers provided give all the pertinent dhamma details for one to decide whether to eat meat or not - I think the Buddha left the question without a specific answer (and for one to decide) with a reason:

I remember reading a Jataka story (the name of which I cannot remember) where the Bodhisattva was a Ruksha-Deva and where he relates the tragedy that befell a particular family. This was in the Jatakattakatha - not in the 547 jataka stories, as I remember

             Once, this family got lost in a forest and they could not find anything to live on. So they chose bird-eggs. They managed to live like this for sometime before they found the way to their village again. However, they had this urge to go back into the forest and bring back those eggs for supper as they were so delicious. This ultimately became a habit. So  a great tragedy befell those people (i'm sorry, I do not remember the specifics).

             The Ruksha-Deva goes on to elaborate that the tragedy befell these people only later, as they fed on the bird-eggs without any need (without hunger) - based only upon greed (you see, in the village, there are other options as well). Nothing bad happened to them while they were in the forest because then they fed on them because of hunger.

             So I guess that Buddhist Folk-lore has left a place to recognize the laws of nature - the struggle to survive is much more at a lower level (on the Kamma basis) than the complex greed patterns of humans. There, the dominant forces are hunger, thirst and shelter.

             I'm not sure if I'm totally correct on this, but if you look at Buddhism as a sort of interpretation of the actual nature of nature (world, universe, it's workings, etc) and not vice versa, I think the answer would be quite clear : there is little repercussions in nature (kamma for us) in eating meat for the NEED for survival than in eating meat for the actual WANT of eating meat. So in Thailand or Korea, you might actually die in some provinces if you do not eat frog or snake meat...!

             Also, you  can look at it this way: we all know that intention is the base of Kamma - when you are about to die of hunger, and say, you really want to have something to eat - what you'd do is look for the most edible thing around and you find a frog - OK. So what thought is more dominant in mind at this instant? Hatred/Greed/Ignorance that are con-commitant thoughts (chaitasikas) in the act of killing OR just plain hunger? I think that the state of mind governs the law of kamma and it should explain the answer - the laws of Kamma, as we 'know' them, are the ones relating to the human plane of existence - but on the animal plane, which SOME of us can come much closer to when we feel the basic needs, are not entirely comprehensible to us. Remember, the Law of Kamma is one of the 5 things that are only completely understood by a Buddha only - or only in the Buddha's Domain (Buddha-Gochara).

             Therefore, I think the Buddha left for us to decide the answer based on the occasion - of course, I guess you can say that knowledge in Dhamma is absolutely necessary to understand that introspectively (the details provided by Sene and Samare Aiya are more than enough for that) : are we eating it for the NEED of it or for the WANT of it and more specifically, does that 'moment' of existence warrant(justify) the eating of meat (according to your knowledge of Dhamma)?

(Kind of like Maslow's Hierarchy of needs and wants)


Sorry for the too long reply...

Thanks and regards,
IW
----------------------------------
Dear AG,

Although AS, GR ( Hi GS how are doing?) and IW have gave 1st class explanations, I thought that providing some facts
supporting what they have presented would do.

For AS's and GS ayya's,
Well once some HRishis (Amagganda HRishis) visited Buddha and questioned whether Buddha is consuming meat, doubting if he is ,
 he is not a Buddha at all. (The very word 'Amagganda' means the meat of living beings on land and water)
So buddha showed them a different direction asking them not to consider Amagganda as meat but as all 'Lamaka Akusala Dharma'.
Then he gave the answer 'a buddha is not consuming Lamaka akusala dharma ie; amagganda .
In Dhamma padha there's one story of a piglet ( I assume you know).
In there you can see how Shakra disguised as a dead fish to check the seela of a crane.
Because the crane strictly followed eating only dead fish.
So we get the massage that eating meat has nothing to do with seela.
But 'Consuming meat AFTER KILLING' definitely has.

For IW's,

If you take the story of prince Bodhiraja, ( I assume you remember)
He together with his wife had no chance of having children , because they ate the eggs and then hatch-lings JUST FOR survival on a bhawa
long ago.
So whether you do something for your survival or for greed , kharma does its part.
"So what thought is more dominant in mind at this instant? Hatred/Greed/Ignorance..." . I think there's also Maithree to spare a living being
 ,not devouring it , not thinking of own-life which is very hard to do but possible.
Again as Isuru says it's the intention that matters.
We know suicide is sin. But sacrificing own-self as  food to any other living being dying of starvation ( Dhahamsonda , Sasa, Jathaka)
 is at the other end.

Again I think there's connection in our topic to the Duthanga. ( I cannot remember exactly whether Duthanga were proposed by bikku Devadattha )
(One of it says that Bikshu should strictly refrain from eating meat )
Even Duthanga,,Buddha said ones who like  MAY follow them.
( In above I'm not sure whether same Duthanga were followed by bikku Maha Kashyapa)

So......yes , Buddha left us decide the answer based on the occasion.
We may do something for mere survival or may do something with mere greed.
For both kharma has its own share.
(See what happened to Bodhiraja ).
Well ........sansara is very frightening..........

BR/GP

නිර්මාංශ ප්‍රශ්නය…  

Posted by AncientGlory

මිතුරන් කිහිප දෙනෙක් සමග ඇතිවුන සකච්චාවකින් පසුව මට අපූරු ප්‍රශ්නයක ඇති වුනා.

ඔවුන් කිවවා කඩෙන් අපි මස් අරන් කෑවාට බුදු දහමට අනුව ප්‍රශ්නයක් නැහැනේ, මොකද ඒ සතා මැරුවේ අප වෙනුවෙන් නෙවේනේ කියලා.

මාත් ඔව් නේද කියලා ඔලුව වැනුවත් මට හිතුනා ඒ කියපු දේ පොඩ්ඩ්ක් තර්කානු කූල නැහැ කියලා. ඒ සතා මැරුවේ මිලදී ගන්න අප වෙනුවෙන් නෙවේ නම් කා වෙනුවෙන්ද කියලා සෑහෙන වෙලාවක් හිතුවත් මට හිතා ගන්න බැරි වුනා. මස් මිලදී ගැනීමෙන් අප ඒ සතාගේ හින්සනයට දායක වුනේ නැද්ද කියලා මට හිතුනා. මා මේ ප්‍රශ්නය මගේ මිතුරන්ට යොමු කලත් මට හරි පිලිතුරක් ලැබුනේ නැහැ.  බුදු දහම ගැන මගේ දැනුම අඩු නිසා(මගේ මිතුරන් මට කීවේ එහෙමයි ) මා මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.

අජාන් බ්‍රහ්මවන්සෝ හමුදුරුවන්ගේ අදහස් නම් මෙහෙමයි.


ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් ගැන මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි සඳහන් වෙන බවක් කියනවා.

තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.


ඒ අනුව පෙනෙන්නේ මස් කෑම නොකල යුතු බව බුදුන් නොකී බවයි.

නමුත් එම සතා තමන් වෙනුවෙන් නොමැරූ බවට කිසිම සැකයක් නොතිබිය යුතුය. ඒ අනුව ගත් කල කඩෙන් මස් මිලදී ගෙන කෑම වැරදි බව මගේ හැඟීමයි. මස්මිලදී ගැනීමෙන් එම සතා මැරුවේ අප වෙනුවෙන් බව අප තහවුරු කරනවා. මෙහිදී අපගේ සිතුවිල්ල මගින් අප එම ප්‍රාණඝාතයට හවුල් වෙනවා. මස් මිලදී ගැනීම මගින් අපි තව දුරටත් ඒ සඳහ ඉල්ලුමක් ඇති කර්මින් තව දුරටත් ප්‍රනඝාතයට අනුබල දෙනවා.

එහෙනම් කන්ඩ හොද මොන මස්ද කියලා මම කල්පනා කලා. එහෙම මසක් නෑ වත්ද කියලාත් මා කල්පනා කලා.

පස්සේ මට මෙහෙම හිතුනා. අප පාරේ යනකොට ගැඩවිලෙක් මැරිලා හිටියා කියලා හිතන්ඩ, අන්න ඒ සතාව අප කෑවට කමක් නැහැ මොකද, උගේ මස් ත්‍රිකෝටි පාරිශුද්ධ නිසා. අප හොඳටම දන්නව ඒ ගැඩවිලා මැරුවේ, මැරුනෙ අපේ ක්‍රියාවක් නිසා නෙවේ කියලා.

ගැඩවිල්ලු ගැන කියද්දි කාට හරි අප්පිරියා හිතුනා නම් මට කියන්ඩ වෙන්නේ, මේක චීනේ හොඳ රස කෑමක් කියලා.

නැහැ ගැඩවිල්ලු ගැන කතා කරන්ඩ හේතුවක් තියෙනවා. සමහරු හිතනවා, ගැඩවිලෙක් මරලා කන එක මහ අප්පිරියා ජනක වැඩක් කියලා. ඒත් ගැඩවිලෙක් මරලා කෑවත් කුකුලෙක් මරලා කෑවත් ඇති වෙනස මොකද්ද කියලා මා අග මුල නැතිව කල්පනා කලා.

මා මේ ගැන සොයද්දී ඉතා වැදගත් දෙයක් හමු වුනා. එනම් බුදුන් කිසි දිනක මස් කෑ බවට සාක්ෂියක් නැති බවයි.