රෝහිණී සහ ස්කැරමවුෂ්  

Posted by AncientGlory

සිංහලයේ මහා ගත්කරු මාටින් වික්රමසිංහයන් විසින් රචිත රොහිණී නවකතාව මා කියෙව්වේ අවුරුදු ගනකට ඉස්සර. ප්රන්ශ ගත්කරු රෆායල් සබාතිනී(Rafael Sabatini) ලියපු ස්කැරමවුෂ් නවකතාව මා කියෙව්වෙ අවුරුදු දෙකකට විතර කලින්.

මේ රෆායල් සබාතිනී
Rafael Sebatini

දැන් තමා පුදුම හිතෙන දෙය. ඔබත් කියවල තියෙනවනම් එකග වේවි, පසුබිම හැරුනම(රෝහිණී - ලංකාවේ ඓතිහාසික සිදුවීමක්, ස්කැරමවුෂ් - ප්රන්ශ විප්ලවය) මේ කතා දෙක ගොඩක් දුර‍ට එකමයි. ඇත්තටම රෆායල් සබාතිනීගෙ ස්කැරමවුෂ් කියන්නෙ දැවැන්ත නවකතවක්. රෝහිණී එහි සාරාන්ශයක් වගේ.

පොත් දෙකම එක වගෙ වුනේ කොහොමද කියන ප්රශ්නය මා අගක් මුලක් නැතිව කල්පනා කරන‍වා.

This entry was posted on Sunday, April 25, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

මාටින් වික්රමසිංහයන් කොපි කලා කියලා න්ම් කියන් එපා. ලංකාවට ඇවිත් ඉවරයි

ඇත්තටම මා එහෙම කියන්නේ නැහැ.

කතා දෙකෙහිම හරය මෙහෙමයි. පසුබිමේ යුද්ධයක් යනවා. පියා සහ පුතා පැති දෙකෙහි යුද්ධ කරනවා. දෙදෙනා එකිනෙකාව හඳුනන්නේ නැහැ. දෙදෙනාම එකම තරුණියට පෙම් කරනවා. කතා දෙකක් මෙතරම් දුරට එක වගේ වුනේ කොහොමද කියන ප්‍රශ්නය නිකම්ම පැන නැගෙනවා. මේක අහම්භයක් නම් වෙන්න බැහැ වගේ හිතෙනවා..

කාල පරිච්ඡේද ගැන බැලුවොත්, ස්කැරමවුෂ් ලියා තිබෙන්නේ 1921 දී. රෝහිණී 1929 දී.