අපේ මාතර සීයා මහා පුදුමාකාර උගතෙක්. එතුමා ජීවතුන් අතර හිටපු කාලයේ මාත් සමහර දවස් වල කතාවට එකතු වෙනවා. දවසක් සීයා කියනවා සිංහල භාෂාවේ ප්රධානම ස්වරයට අකුරක් නැතිලු. (ස්වරයක් කියලා මා කිව්වේ අ,ආ,ඇ,ඈ,ඉ,ඊ,උ,ඌ,එ,ඒ,ඔ,ඕ, යන ඒවායි.)
මේක තේරුම් ගන්නේ මෙහෙමයි.
'තරහ', 'ගස' යන වචන දෙක කියවන්ඩ.
'තරහ' කියන වචනය ඉවර වෙන්නේ 'අ' කියන ස්වරයෙනුයි.
'ගස' ඉවර වෙන්නේ 'අ' ස්වරයෙන් නෙවේ කියලා අවධානයෙන් බැලුවොත් තේරේවි. ඇත්තටම මේ ස්වරය ලියන්ඩ අකුරක් නැහැ භාෂාවේ. ශබ්ද වෙන්නේ ටිකක් 'අර්' වගේ.
මට තේරුණ හැටියට නම් සීයා කියුවේ සිංහල භාෂාවේ පලමු ස්වරය විය යුත්තේ මේකයි. මේ ස්වරයට අකුරක් දාලා නැත්තේ මොකද කියලා මා කල්පනා කලා. හේතුව මේකයි. මේ ස්වරයෙන් පටන් ගන්න වචන නැහැ.
භාෂාවේ පලමු ස්වරය පැහැදිලි කරපු සීයා මෙම අඩුපාඩුව වගේම සිංහල අකුරැ ලිවීමේ දුෂ්කරතාවයත් පැහැදිලි කරමින් පිලියමක් ලෙස තමාම හදපු අකුරැ පෙලකුත් ඉදිරිපත් කලා.
This entry was posted
on Sunday, April 25, 2010
and is filed under
භාෂාව සහ සාහිත්‍යය
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
Categories
- ආගමික (4)
- ඉතිහාසය (1)
- දාර්ශනික (2)
- භාෂාව සහ සාහිත්‍යය (2)
- වෙනත් (2)
3 comments