නිර්මාංශ ප්‍රශ්නය…  

Posted by AncientGlory

මිතුරන් කිහිප දෙනෙක් සමග ඇතිවුන සකච්චාවකින් පසුව මට අපූරු ප්‍රශ්නයක ඇති වුනා.

ඔවුන් කිවවා කඩෙන් අපි මස් අරන් කෑවාට බුදු දහමට අනුව ප්‍රශ්නයක් නැහැනේ, මොකද ඒ සතා මැරුවේ අප වෙනුවෙන් නෙවේනේ කියලා.

මාත් ඔව් නේද කියලා ඔලුව වැනුවත් මට හිතුනා ඒ කියපු දේ පොඩ්ඩ්ක් තර්කානු කූල නැහැ කියලා. ඒ සතා මැරුවේ මිලදී ගන්න අප වෙනුවෙන් නෙවේ නම් කා වෙනුවෙන්ද කියලා සෑහෙන වෙලාවක් හිතුවත් මට හිතා ගන්න බැරි වුනා. මස් මිලදී ගැනීමෙන් අප ඒ සතාගේ හින්සනයට දායක වුනේ නැද්ද කියලා මට හිතුනා. මා මේ ප්‍රශ්නය මගේ මිතුරන්ට යොමු කලත් මට හරි පිලිතුරක් ලැබුනේ නැහැ.  බුදු දහම ගැන මගේ දැනුම අඩු නිසා(මගේ මිතුරන් මට කීවේ එහෙමයි ) මා මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.

අජාන් බ්‍රහ්මවන්සෝ හමුදුරුවන්ගේ අදහස් නම් මෙහෙමයි.


ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් ගැන මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි සඳහන් වෙන බවක් කියනවා.

තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.


ඒ අනුව පෙනෙන්නේ මස් කෑම නොකල යුතු බව බුදුන් නොකී බවයි.

නමුත් එම සතා තමන් වෙනුවෙන් නොමැරූ බවට කිසිම සැකයක් නොතිබිය යුතුය. ඒ අනුව ගත් කල කඩෙන් මස් මිලදී ගෙන කෑම වැරදි බව මගේ හැඟීමයි. මස්මිලදී ගැනීමෙන් එම සතා මැරුවේ අප වෙනුවෙන් බව අප තහවුරු කරනවා. මෙහිදී අපගේ සිතුවිල්ල මගින් අප එම ප්‍රාණඝාතයට හවුල් වෙනවා. මස් මිලදී ගැනීම මගින් අපි තව දුරටත් ඒ සඳහ ඉල්ලුමක් ඇති කර්මින් තව දුරටත් ප්‍රනඝාතයට අනුබල දෙනවා.

එහෙනම් කන්ඩ හොද මොන මස්ද කියලා මම කල්පනා කලා. එහෙම මසක් නෑ වත්ද කියලාත් මා කල්පනා කලා.

පස්සේ මට මෙහෙම හිතුනා. අප පාරේ යනකොට ගැඩවිලෙක් මැරිලා හිටියා කියලා හිතන්ඩ, අන්න ඒ සතාව අප කෑවට කමක් නැහැ මොකද, උගේ මස් ත්‍රිකෝටි පාරිශුද්ධ නිසා. අප හොඳටම දන්නව ඒ ගැඩවිලා මැරුවේ, මැරුනෙ අපේ ක්‍රියාවක් නිසා නෙවේ කියලා.

ගැඩවිල්ලු ගැන කියද්දි කාට හරි අප්පිරියා හිතුනා නම් මට කියන්ඩ වෙන්නේ, මේක චීනේ හොඳ රස කෑමක් කියලා.

නැහැ ගැඩවිල්ලු ගැන කතා කරන්ඩ හේතුවක් තියෙනවා. සමහරු හිතනවා, ගැඩවිලෙක් මරලා කන එක මහ අප්පිරියා ජනක වැඩක් කියලා. ඒත් ගැඩවිලෙක් මරලා කෑවත් කුකුලෙක් මරලා කෑවත් ඇති වෙනස මොකද්ද කියලා මා අග මුල නැතිව කල්පනා කලා.

මා මේ ගැන සොයද්දී ඉතා වැදගත් දෙයක් හමු වුනා. එනම් බුදුන් කිසි දිනක මස් කෑ බවට සාක්ෂියක් නැති බවයි.

This entry was posted on Sunday, April 25, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

5 comments

මිතුර බලන්න,
මේ ප්‍රෂ්ණයක් නිසා මේ තර්ක මොනවටද..
මස් කෑවත් නැතත් මේ සංසාරෙන් නිදහස් වෙනන් උත්සහ නොගත්තොත් ඔබත් මාත් මේ සංසාරෙමයි නේද?
බුදුන් සරණ යන්න නොලැබුනොත් අපට සතර අපායේ වැටෙන අනතුර තියෙනවා නේද?
හැබැයි කෙනෙක් යම් මොහොතක සම්බුදුරජාණන් වහන්සෙ සරණ යිද, ඒ පුද්ගලයා ඒ මොහොතේ පටන් මේ සසර ගමන අවසන් කරන මාර්ගයකට පිවිසෙනවා.
මිතුර, බුදුරජාණන් වහන්සේ යනු රහස් බස් නොපැවසූ කෙනෙක්. උන් වහන්සේ දෙයක් කීවානම් කීවාමයි. එහි සංස්කරණයට හෝ අපට වැඩියෙන් දාගන්න හෝ හිතාගන්න දෙයක් නැහැ.ඒ දෙයට අනුව නුවණින් කටයුතු කිරීමයි කළ යුතු වන්නේ. උන්වහන්සේගේ අවබෝධය අදහාගත් කෙනා වෙන්න ඔබටත් වාසනාව තියෙනවා. එනිසා මේ වැඩකට නැති ප්‍රෂ්ණ ඔබ කථාකරන්න එපා.ඕව දේවදත්ත අහපු ප්‍රෂ්ණනේ. ඔබට හැකි පමණින් මේ සසරේ බිය ගැන බුදුන් කියා දුන්න පණිවිඩය ලොවට කියන්න. එය පිනක්. ඒ පිනෙන් ඔබට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !

(හැබැයි අපි එක සම්බුදු වචනයකට හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ගැරහීමක් කළොත්,අර්ථ වෙනස් කළොත් හෝ පැහැදී සිටින අය අපැහැදීම පිණිස කටයුත්‍ර කළොත්, ඒ අමා නිවන තියා සම්බුද්ධ ශාසනයවත් කල්ප ගානකතට හම්බ වෙන්නේ නැහැ.)

ඔබ, මේ කාලයේ ඒ ධර්මය පැහැදිලිවම විවෘත කළ කෙනාව හදුනා ගන්න.

කළ්‍යාණ මත්‍ර සේවනයත්,සද්ධර්ම ශ්‍රවණයත්,යෝනිසේ මනසිකාරය්ත් තියෙවානම් ඔබ මේ නිවන් මගේ ගමන්කරාවි. මස් නොකෑම එයට හේතුවත් නොවේ.එහෙම හේතුවක් උනානම් මේ වනවිට දේවදත්ත, නිගන්ටනාථපුත්ත නිරයේ සිටියිද?

ප්‍රාණඝාතයෙන් වැලකීම බුදුන් කියා දුන් මග යෑමක්. ඒ අනුව මේ ප්‍රශ්නය වැඩකට නැති එකක් කියා ඔබ කියන්නේ කෙසේද යන්න මට නම් මහා අරුමයක්.

"කෑවත් නැතත් මේ සංසාරෙන් නිදහස් වෙනන් උත්සහ නොගත්තොත් ඔබත් මාත් මේ සංසාරෙමයි නේද?"

මට නම් මේ ප්‍රශ්නය තෙරෙන්නේ නැහැ. මස් කෑම ප්‍රාණඝාතයක්ද නැත්ද කියා සෙවීම සංසාරයෙන් නිදහස් වීමට ගන්නා උත්සාහයක් හැටියටයි මට පෙනෙන්නේ.

ප්‍රාණඝාතයට අමතරව සම්මා ආජීවයෙහි බුදුන් කියා තියෙනවා මස්, මාංශ වෙලඳාම සතුන් වෙලඳාම සුදුසු නැහැ කියා. ඒ අනුව අප මස් මාංශ මිලදී ගැනීමෙන් නොකටයුතු වෙලඳාමකට හවුල් වෙනවා. මැදුම් පිලිවතේ ගමන් කරන්නෙකුට යලිත් මේ ප්‍රශ්නය වැදගත් වෙන්නේ මෙතනදී. නමුත් ඔබ පැහැදිලිවම හඳුනාගෙන ඇත්තේ මෙම ප්‍රශ්නය ගැන සාකච්චා කිරීම සංසාරයෙන් එතෙර වීමට කරන උත්සාහයක් නෙවේ කියා.

මිතුර ඔබ ඔය කියූ දෙය මා ඇසූ පලමු අවස්තාව මෙය නොවේ. මස් කෑමට දැඩි ගිජු කමක් දක්වන ඇතම් පිරිස් එය බුදුන්ගේ ධර්මය තුල සාධාරණීය කිරීමේ අවශ්‍යතාවයකින් පෙලෙනවා. ඔබ එවන් අයෙක් නොවේවා කියා මා පතනවා.

ධර්ම මාර්ගයේ ගමන් කරන්නේකුට මෙය වැදගත් නැති ප්‍රශ්නයක් කියා මට පිලිගන්න බැහැ. පලමු පන්සිල් පදයේ තේරුම වත් හරිහැටි විග්‍රහ නොකර දහම් මගේ යන්නේ කෙසෙද කියන එක ප්‍රශ්නයක්.