නිර්මාංශ ප්‍රශ්නය… 3  

Posted by AncientGlory

මිලදී ගන්නා මස් ත්‍රිකෝටි පාරිශුද්ධ නැති බවයි මට නම් හිතෙන්නේ.

අපි බුදුන් කියපු දෙයක් හරියට තේරුම් ගන්න නම් කියපු කාලය සහ කියපු හේතුත් හොඳින් විම්සිල්ලෙන් බලන්න ඕනේ. බුදුන් ගේ කාලයේ හාමුදුරුවරු ආරාධනවෙන් දාන වලට වඩින එක අඩුවෙන් වුන බවයි පෙනෙන්නේ. එම නිසා තමන් වෙනුවෙන් නොමරපු(මිලදී නොගත් කීවත් එකමයි.) මස් ඒ කාලයේදී නිතරම හම්බ වුනා. බොහෝ විට පිඬු සිඟා වඩින විට, කැලේ යන විට, සහ වැඩ සිටින විට අහම්බෙන් එතනින් යන කෙනෙක්ගෙන්. එම නිසා ත්‍රිකෝටි පාරිශුද්ධ මස් ඒ කාලයේ නිතරම තිබුනා, ඒ නිසයි ඒ ගැන පැහදිලි කරලා තියෙන්නේ.

යමෙක් කෙලින්ම ඝාතනයට හවුල් නොවුනත් එම මස් කෑම සුදුසු නැති බව කියන්නයි තමා වෙනුවෙන් මැරූ බවට සැක නැතිව දනගත යුතු බව කියා ඇත්තේ. මෙහි අදහස තමා නිසා කිසි සතෙකුට හිංසාවක් නොවෙන බවට වග බලා ගැනීමයි. බුදුන් අවිහින්සා වාදියෙක්.

හොඳින් හිතා බැලුවොත් මෙහි එතරම් තර්කයට දෙයක් නැති බව තමා මට පෙනෙන්නේ.

තව එකක්, බුදුන් මස් කෑ බව කවුරු හරි කිසි තැනක අහලා තියෙන්වද?


බුදු බණ දැන ගත්තත් නැතත්, මිනිසුන් පින් පව් ගැන තැකීමක් නැහැ. හොඳ නරක ගැන අපි හැමෝටම අවබෝධයක තියෙනවා. නරක වැඩ වලින් වලකින්න කියන පුරුද්ද, පෙලඹවීම වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ, නීති වලින් මිසක් ආගමෙන් නෙවෙයි. මිනිස්සු ආගම තමන්ට කැමති විදියට වෙනස් කරගන්නවා.

හැම ආගමක්ම එහෙමයි. උදාහරනයක් විදිහට, මිනිස්සු දන්නවා මස් කෑම බුදුන් කිසි දිනක අනුමත නොකල බව. එය තර්කයෙන්ම දැනෙන දෙයක්. නමුත් බුදුන්, මස් කෑම වැරැද්දක් නොවන අවස්ථා ඇති බවත් පෙන්වා දී ඇති බව පෙනෙනවා. මට නම් බුදුන්ගේ අදහස මේ වගේ පෙනෙන්නේ. "හැකි සෑම විටම මස් කෑමෙන් වලකින්න. මන්ද යත් එමගින් සතෙකුට ඔබ නිසා හින්සනක් වීමට ඇති ඉඩ අවම වන බැවිනි."

ඇතැම් අයෙකුට මස් කෑමට ඇති කෑදර කමෙන් මිදිය නොහැකියි. එය ඔහු කන සතාත් ඔහුත් අතර ප්‍රශ්නයක් මිස වෙන කාටවත් ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් තමාගේ එම ක්‍රියාව, ආගම තුල සාධාරණීය කල යුතු බවට එවන් අය සිතන්නේ ඇයිදැයි යන්න ගැටලුවක්. ඇතැම් විට තමා තුලම එම ක්‍රියාව පිලිබඳ සැකයක් ඇති වීම විය හැකියි. ඒත් බුදු දහමේ හරය එසේ විකෘති කිරීමට යාම වැරැද්ද්ක්.

කාලයක් මා අන්තර්ජාලය තුල එක්තරා කල්ලියකට බැඳී සිටියා. මෙහි සිටියේ ලෝකයේ නොයෙක් රටවල බෞද්ධයන්. ඔවුන්ගේ වෙනස නම් ශ්‍රී ලංකවේ බෞද්ධයන් මෙන් ජන්මයෙන් බෞද්ධ බව ලැබූ අය නොව අවබෝධයෙන් පැමිණි අය වීමයි. ඔවුන් බොහෝ දෙනෙක් සමග නම් මෙය තර්ක කිරීමටවත් දෙයක් වුනේ නැහැ.
 

This entry was posted on Sunday, April 25, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

8 comments

බුදුන් මස් කෑවාද ?

මේ ප්‍රශ්නයට දෙන්න තියෙන උත්තරය නම් ඔව් කියන එකයි. බුදු හාමුදුරුවන්ගේ අන්තිම භෝජනය ගන සඳහන් වෙන මහා පරිනිබ්බාණ සූත්‍රයේ "සූකර මද්දව" විදියට මේ කෑම හැඳින්වෙනව. ඒක පරිවර්ථනය වෙන්නෙ මෙලෙක් ඌරු මස් හැටියට. මම දන්න තරමින් ථේරවාදී බෞද්ධ රටවල් හැම එකකම වගේ දීල තියෙන්නෙ මේ නිර්වචනය තමයි.

ඇත්තටම ඔබ හරි වෙන්නත් පුලුවන්.

මේ බුදුන්ගේ අවසන් කෑම වේල පිලිබඳ ප්‍රශ්නය මා ගොඩක් දුරට අධ්‍යනය කල දෙයක්. මොකද මේක ඉතා වැදගත්. සොයාගෙන යද්දි මට නම් පෙනුනේ මේ සම්භන්දයෙන් ඇත්තටම ගැටලුවක් තියෙන බවයි. එක්තරා පාර්ශවයක මතය නම් මේ සූකර මද්දවය කියන්නේ බිම්මල් ජාතියක් බවයි. 'සූකර' යන වචන්යේ 'ඌරා' යන අර්ථය තිබෙන බව නම් ඇත්තක්. බුදුන් කෑ කෑමේ නම සූකර මද්දව බව පැහැදිලිව කියා තිබෙනවා. ඒත් එය මසක් බව කියා නැහැ නේද?

ඇත්තටම මේ ගොඩ කාලයකට කලින් වූ දෙයක් ගැන නිශ්චිත තීර්ණයකට ඒම කල නොහැක්කක්. මොකද පොතක ලියලා තියෙන දෙයක්, කොච්චර වුනත් රචකයාගේ අදහස් වලටයි බර, ඇත්තට නෙවේ. ඒ කිව්වේ ඉතිහාස පොත් වල ඇත්ත නැහැ කියලා නෙවේ. නමුත් තීරණයක් ගද්දී අපටම ගොඩක් තර්කයෙන් හිතන්ඩ වෙනවා.

කොහොම වුනත් මේ සම්බන්ධ මගේ විපරමේදි ඉතාම වැදගත් දෙයක් කිවුවේ අපේ ආච්චි. මා මගේ අදහස් කියද්දී උන්දෑ ටිකක් කල්පනා කරලා කිව්වා, එයාලා පොඩි කාලේ කාපු කෑමක් තිබ්බාලු ගම් පලාතේ,(ඒ කිවුවේ මාතර )ඌරු බිම්මල් කියලා. ඒ කියන්නෙ බිම්මල්(හතු ) ජාතියක්. මේවැනිම නමක් විය හැකියි, සූකර මද්දවය. හැබැයි අර කිව්වා වගේ මේක අදහසක් විතරයි

නිර්මාංශවීම පිළිබඳ ඔබ දරන මතයට මා සම්පූර්ණයෙන් එකඟයි. මම ද දෙවසරක් මුළුල්ලේ නිර්මාංශ වෙමි.

ඔබේ ඒ ක්‍රියාව සහ චේතනාව මා ඉතා අගයනවා.

මම නම් කියන්නේ පව පින කෙසේ වෙතත් අපි ඇයි සොහොන් පිටියක් වෙන්නේ..

Anonymous  

මස් වලට මාංශ මිස්ක් මද්දව කියලා පාලි භාෂවෙන් කියන්නේ නැති බවයි මගේ අදහස. මද්දව යනනෙන් පැසවු යන අර්ථය ගෙන එන බවයි මගේ හැගිම.

Anonymous  

මේ ප්‍රශ්ණය විසදාගන්න ආමගන්ධ සූත්‍රය(සුත්ත නිපාතය - චූළ වර්ගය) කියවන්න

Anonymous  

maddava kiyanne uru mas walin hadana achchcaruwak. maddava kiyanne mrudhu.