කල්පනා කරගෙන යද්දි මට හිතුනා කාලය කියලා දෙයක් ඇත්තටම නැහැ කියලා. මුලදි මෙය තේරුම් ගන්ඩ අමාරුයි.
ඇත්තටම කාලය කියන්නේ මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණයක්. කොච්චර විශිෂ්ටද කියනවනම් මිනිසා තමාගේම නිර්මානයේ වහලෙක්.
දැන් කාලයක් නැහැ කිව්වම හැමෝම පුදුම වෙලා බලනවා. මොකද කාලය නිරපෙක්ෂයි කියල හිතන්ඩ අප හැමෝම පුරුදු වෙලා තියෙන නිසා. මට හිතෙන හැටියට මේකට හේතු කීපයක් තියෙනවා. ප්‍රධානම එකක් තමා අප මේ ජීවත්වන පෘථිවි රාමුව ගොඩනගල තියෙන්නෙ කාලය කියන සංකල්පය උඩ වීම. විද්‍යාව, භාෂාව විතරක් නෙවේ චින්තනය පවා ගොඩ නැගිල තියෙන්නෙ කාලය නිරපෙක්ෂයි කියන සංකල්පය උඩ.
අපට හිතෙනවා කාලය නොනැවතී ගමන් කරන නිසා මේ හැමදේම වෙනස් වේගෙන යනවා කියලා. කාලය මනින්ඩ අප තප්පර,පැය,අවුරුදු වගේ ඒකක දාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම බැලුවොත් පේනවා මේ ඒකක ඔක්කොම සාපේක්ෂයි කියලා. අප වයස මනින්නේ පෘථිවියේ සාපේක්ෂ චලිතයක් උපයෝගී කරගෙනයි.
මා දන්න හැටියට නිව්ටෝනියානු භෞතික විද්‍යාවේදි අප කිසිම තැනක කාලයේ සාපේක්ෂ බවක් ගැන කතා කරන්නේ නැහැ. අපට ඇත්තටම එහෙම දෙයක් ඕන නැහැ. මොකද පෘථිවි රාමුව අස්සේ ඉදගෙන වෙන දේවල් පැහැදිලි කරන්ඩ අපට නිව්ටන්ගේ නියම වලින් පුලුවන්. ඒත් පෘථිවියෙන් එලියට යද්දි වෙන දේවල් ටිකක් පැටලිලි සහගතයි. අයින්ස්‍ටයින් කාලයේ සාපේක්ෂ බවක් ගැන කතා කරන්නේ ඒ නිසයි.
සාපේක්ෂ යමක සැබෑ පැවැත්මක් නැහැ යන දාර්ශනික අදහස මා මෙතනදි ඉදිරිපත් කරනවා.
කාලය කියා දෙයක් නැහැ. තිබෙන්නේ වෙනස් වීමක් විතරයි. වෙනස් වීම මැනීමට කාලය නිර්මාණය කල මිනිසා පසුව සිතුවා කාලය නිසයි වෙනස්‍වීම වන්නේ කියා.
සියල්ල නිරතුරුවම වෙනස් වන බවත් මොහොතකට(කාලය සම්බන්ධ වචනයක් වුනත්…) පෙර තිබූ දෙයක් දැන් නැති බවත් මෙම වෙනස් වීම යනු යථා ස්වභාවය බවත් බුදුන් දේශනා කලේ එමනිසා.

This entry was posted
on Sunday, April 25, 2010
and is filed under
දාර්ශනික
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
0 comments