දයාබරිය,
අපි ශුශ්ක වූ පරිච්චේද නැමති
කාන්තාර බිම්ද තරණය කල යුතුම වෙමු
මන්ද යත්
පූර්ණත්වය ඇත්තේ එබිම් අවසානයෙහිය
ශීත සෘතු දිනයන් බලා
අපේ හදවත් නැමති හිරු එළිය
සිනාසෙයි නම්
හදවත් මතුයෙහි මතු පිබිදෙන
වසන්ත කුසුම් ගැන
සැක කරන්න්නේ මන්ද?
-උපුටාගත් කවියකි, (කොහෙන්ද කියා මතක නැත )
වරක් ලෝකයේ වේගයෙන්ම පැතිරෙන ආගම් මොනවද කියා ප්‍රශ්නයක් මතුවුනා. බොහෝ දෙනා දුන් උත්තර වූයේ ඉස්ලාම්, බුදුදහම, සහ paganism(සිංහල නම හරියටම දන්නේ නැහැ.)යන ඒවයි කියා.
මට දැන් හිතෙන්නේ මේයට ඇතුලත් විය යුතුම කොටසක් නම් Pastafarianism යන කන්ඩායමයි. දැන් කට්ටිය අන්දුන් කුන්දුන් වෙලා බලනවා මොකද්ද ඒ අග මුල නැති කතාව කියලා. තව පොඩ්ඩකින් තෙරේවි.බොහෝ දෙනෙක් මේ ආගම ගැන අහලවත් නැති බව මා දන්නවා. ඊට කලින් මේ දත්ත ගැන හිතන්න. මා හිතන හැටියට ලොඅකයේ ජනඝහණයෙන් 8%-10% පමන පස්ටෆාරියන්ලා. ඒ වගේම මෙය ඉතාම වේගයෙන් පැතිරෙනවා.
පස්ටෆාරියන්ලා අයිති වෙන්නේ Church of FSM(Flying Spaghetti Monster) නොහොත් පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලියටයි. (Spaghetti කියන වචනය මම නූඩ්ල්ස් කියලා පරිවර්තනය කලා. අර්ථය එච්චර වෙනස් වෙන් නැති නිසා.)
ඔවුන්ගේ පිලිගැනීම්.
(1)ලෝකය ඇතුලු සියල්ල මැවුවේ පියාඹන නූඩ්ල්ස් යකා විසිනි.
(2)පෘථිවියේ උශ්ණත්වය ඉහල යාමට හේතුව, මුහුදු මංකොල්ලකරුවන් විශාල ලෙස අඩු වීමය.
ඔව් ඇත්තටම මෙය ලොකු විහිලුවක් විදිහටයි පෙනෙන්නේ. නමුත් මේ විහිලුවට යටින් ලොකු කතාවක් තියෙනවා.
2005 වසරේ ඇමරිකන් ජාතික බොබී හෙන්ඩර්සන් විසින් මෙම ආගම පිහිටුවනු ලැබුවේ(ඇත්තටම ආගමක් නෙවේ.), කැන්සාස් අධ්‍යාපන කමිටුව විසින්, පරිනාමවාදය(Theory of Evolution) සඳහා ඇති විකල්පයක් ලෙසට, මැවුම්වාදය(Theory of Intelligent design) ඉගැන්වීමට ගත් තීරණයකට විරුද්ධව.දෙවියන් විසින් සියල්ල මැවුවා යන සංකල්පය, පාසලේ උගන්වනවා නම්,පියාඹන නූඩ්ල්ස් යකාගේ සංකල්පයද, සමසේ තැබිය හැක්කක් බවත්, ඒබැවින් එය විශය මාලාවට ඇතුලත් කල යුතු බවටත් අධ්‍යාපන කමිටුවට විවෘත ලිපියක් යවමින් ඔහු තර්ක කලා. මේ එම ලිපිය. මේ ඔහු පිහිටුවපු වෙබ් අඩවිය. මේක හරි හාස්‍යයෙන් පිරි තැනක්.
මැවුම්කාර දෙවියන්ට ප්‍රසිද්ධියේ සරදම් කිරීමක් ලෙස මෙය පෙනුනත්, බොබී හෙන්ඩර්සන් කල දෙයෙහි වටිනා අරමුණක් තියෙන බවයි මට පෙනෙන්නේ.
කොහොම වුනත් ලෝකයේ ඉන්නා අදේවවාදින්, ආගමට නැඹුරුවක් නැති පිරිසෙන් කොටසක් අතර මේ දහම ඉතා ඉක්මනට ජනප්‍රිය වුනා.(Atheists, Agnostics, Humanists, etc වැනි අය අතරේ.) ඔවුන් නිකම්ම පස්ටාෆාරියන්ලා වෙනවානේ. මේ පිරිස ඉතා වෙගයෙන් වැඩි වෙන නිසා පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලියට හොඳ කලක් යන බවක් තමා පෙනෙන්නේ.