අයින්ස්ටයින් කිව්වා කාලය සාපේක්ෂයි කියලා. ඔහුගේ විශේෂ සාපේක්ෂතාවාදයේදී ඔහු කියනවා වෙනස් රාමු දෙකක ඉන්න දෙදෙනෙකුට සිදුවීමක වන වෙලාව ගැන(Simultaneity of an Incident) එකඟතාවයකට එන්න බැහැ කියලා. අග මුල නැති කතාවක් වගේද? සරල දෙයක් තියෙන්නේ, කාලය නිරීක්ෂකයාට සාපේක්ෂයි.
එතකොට දැන් ඔබලා අහලා තියෙනවාද දන් නැහැ මේ බුදුන් සමහර තැන් වල කියලා තියෙනවා දෙව් ලොව දවසක් කියන්නේ මෙලොව මහා විශාල කාලයක්, මෙන්න මෙච්චර දවස් ගානක් වගේ කියලා. මාත් මේ වගේ කියමන් ගැන එච්චරම උනන්දුවක් දැක්වූයේ නැහැ. දහම් කරුණු නෙවේ නේ. නමුත් මට පස්සේ කාලෙක එක පාරටම හිතුනා මේ කතා කරන්නේ කාලයේ සාපේක්ෂ බවක් ගැන නේද කියලා. නිරීක්ෂකයාට අනුව කාලයේ වෙන වෙනස්වීම ගැන බුදුන් කියලා තියෙනවා. මෙතනදි නිරීක්ෂකයන් වුනේ දෙවියන් සහ මිනිසුන්. නිසැක ලෙසම ඔවුන් සිටින්නේ වෙනස් ප්රවේග වලින් ගමන් කරන රාමු දෙකක බවයි පෙනෙන්නේ.
කාලය යනු හුදෙක් වචනයක් පමණයි. හොඳින් හිතා බැලුවොත් එහෙම දෙයක් නැහැ. බුදුන් මෙම වචනය වත් සංකල්පය වත් බැහැර කර නැහැ. මොකද අපට යමක් පැහැදිලි කල හැක්කේ පවතින දේ ඔස්සේ ගොස් පමණයි. නමුත් කාලය යනු එතරම් වැදගත් දෙයක් ලෙස බුදුන් නොතැකූ බවයි, මගේ අදහස.
කොහොම වුනත් විශේෂ සාපේක්ෂතාවාදයේ එන සංකල්ප පිලිබඳ බුදුන් කලින්ම අදහස් දක්වා ඇති බවයි පෙනෙන්නේ, හැබැයි ඒ කාටත් තේරෙන විදිහට සරල අයුරින්.
Showing posts with label දාර්ශනික. Show all posts
කල්පනා කරගෙන යද්දි මට හිතුනා කාලය කියලා දෙයක් ඇත්තටම නැහැ කියලා. මුලදි මෙය තේරුම් ගන්ඩ අමාරුයි.
ඇත්තටම කාලය කියන්නේ මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණයක්. කොච්චර විශිෂ්ටද කියනවනම් මිනිසා තමාගේම නිර්මානයේ වහලෙක්.
දැන් කාලයක් නැහැ කිව්වම හැමෝම පුදුම වෙලා බලනවා. මොකද කාලය නිරපෙක්ෂයි කියල හිතන්ඩ අප හැමෝම පුරුදු වෙලා තියෙන නිසා. මට හිතෙන හැටියට මේකට හේතු කීපයක් තියෙනවා. ප්රධානම එකක් තමා අප මේ ජීවත්වන පෘථිවි රාමුව ගොඩනගල තියෙන්නෙ කාලය කියන සංකල්පය උඩ වීම. විද්යාව, භාෂාව විතරක් නෙවේ චින්තනය පවා ගොඩ නැගිල තියෙන්නෙ කාලය නිරපෙක්ෂයි කියන සංකල්පය උඩ.
අපට හිතෙනවා කාලය නොනැවතී ගමන් කරන නිසා මේ හැමදේම වෙනස් වේගෙන යනවා කියලා. කාලය මනින්ඩ අප තප්පර,පැය,අවුරුදු වගේ ඒකක දාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම බැලුවොත් පේනවා මේ ඒකක ඔක්කොම සාපේක්ෂයි කියලා. අප වයස මනින්නේ පෘථිවියේ සාපේක්ෂ චලිතයක් උපයෝගී කරගෙනයි.
මා දන්න හැටියට නිව්ටෝනියානු භෞතික විද්යාවේදි අප කිසිම තැනක කාලයේ සාපේක්ෂ බවක් ගැන කතා කරන්නේ නැහැ. අපට ඇත්තටම එහෙම දෙයක් ඕන නැහැ. මොකද පෘථිවි රාමුව අස්සේ ඉදගෙන වෙන දේවල් පැහැදිලි කරන්ඩ අපට නිව්ටන්ගේ නියම වලින් පුලුවන්. ඒත් පෘථිවියෙන් එලියට යද්දි වෙන දේවල් ටිකක් පැටලිලි සහගතයි. අයින්ස්ටයින් කාලයේ සාපේක්ෂ බවක් ගැන කතා කරන්නේ ඒ නිසයි.
සාපේක්ෂ යමක සැබෑ පැවැත්මක් නැහැ යන දාර්ශනික අදහස මා මෙතනදි ඉදිරිපත් කරනවා.
කාලය කියා දෙයක් නැහැ. තිබෙන්නේ වෙනස් වීමක් විතරයි. වෙනස් වීම මැනීමට කාලය නිර්මාණය කල මිනිසා පසුව සිතුවා කාලය නිසයි වෙනස්වීම වන්නේ කියා.
සියල්ල නිරතුරුවම වෙනස් වන බවත් මොහොතකට(කාලය සම්බන්ධ වචනයක් වුනත්…) පෙර තිබූ දෙයක් දැන් නැති බවත් මෙම වෙනස් වීම යනු යථා ස්වභාවය බවත් බුදුන් දේශනා කලේ එමනිසා.