Showing posts with label භාෂාව සහ සාහිත්‍යය. Show all posts

මූලික සිංහල ස්වරයක‍ට අකුරක් නැත.  

Posted by AncientGlory

අපේ මාතර සීයා මහා පුදුමාකාර උගතෙක්. එතුමා ජීවතුන් අතර හිටපු කාලයේ මාත් සමහර දවස් වල කතාවට එකතු වෙනවා. දවසක් සීයා කියන‍වා සිංහල  භාෂාවේ ප්රධානම ස්වරය‍ට අකුරක් නැතිලු. (ස්වරයක් කියලා මා කි‍ව්වේ අ,ආ,ඇ,ඈ,ඉ,ඊ,උ,ඌ,එ,ඒ,ඔ,ඕ, යන ඒවායි.)

මේක තේරුම් ගන්නේ මෙහෙමයි.
'තරහ', 'ගස' යන වචන දෙක කියවන්ඩ.

'තරහ' කියන ‍වචනය ඉවර වෙන්නේ 'අ' කියන ස්වරයෙනුයි.

'ගස' ඉවර වෙන්නේ 'අ' ස්වරයෙන් නෙවේ කියලා අවධානයෙන් බැලුවොත් තේරේවි. ඇත්ත‍ටම මේ ස්වරය ලියන්ඩ අකුරක් නැහැ භාෂාවේ. ශබ්ද වෙන්නේ ටිකක් 'අර්' වගේ.

ම‍ට තේරුණ හැටිය‍‍ට නම් සීයා කියුවේ සිංහල භාෂාවේ පලමු ස්වරය ‍විය යුත්තේ මේකයි. මේ ස්වරය‍ට අකුරක් දාලා නැත්තේ මොකද කියලා මා කල්පනා කලා. හේතුව මේකයි. මේ ස්වරයෙන් ප‍ටන් ගන්න වචන නැහැ.

භාෂාවේ පලමු ස්වරය පැහැදිලි කරපු සීයා මෙම අඩුපාඩුව වගේම සිංහල අකුරැ ලි‍වීමේ දුෂ්කරතාවයත් පැහැදිලි කරමින් පිලියමක් ලෙස තමාම හදපු අකුරැ පෙලකුත් ඉදිරිපත් කලා.

රෝහිණී සහ ස්කැරමවුෂ්  

Posted by AncientGlory

සිංහලයේ මහා ගත්කරු මාටින් වික්රමසිංහයන් විසින් රචිත රොහිණී නවකතාව මා කියෙව්වේ අවුරුදු ගනකට ඉස්සර. ප්රන්ශ ගත්කරු රෆායල් සබාතිනී(Rafael Sabatini) ලියපු ස්කැරමවුෂ් නවකතාව මා කියෙව්වෙ අවුරුදු දෙකකට විතර කලින්.

මේ රෆායල් සබාතිනී
Rafael Sebatini

දැන් තමා පුදුම හිතෙන දෙය. ඔබත් කියවල තියෙනවනම් එකග වේවි, පසුබිම හැරුනම(රෝහිණී - ලංකාවේ ඓතිහාසික සිදුවීමක්, ස්කැරමවුෂ් - ප්රන්ශ විප්ලවය) මේ කතා දෙක ගොඩක් දුර‍ට එකමයි. ඇත්තටම රෆායල් සබාතිනීගෙ ස්කැරමවුෂ් කියන්නෙ දැවැන්ත නවකතවක්. රෝහිණී එහි සාරාන්ශයක් වගේ.

පොත් දෙකම එක වගෙ වුනේ කොහොමද කියන ප්රශ්නය මා අගක් මුලක් නැතිව කල්පනා කරන‍වා.