පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලිය(Church of the Flying Spaghetti Monster)  

Posted by AncientGlory

වරක් ලෝකයේ වේගයෙන්ම පැතිරෙන ආගම් මොනවද කියා ප්‍රශ්නයක් මතුවුනා. බොහෝ දෙනා දුන් උත්තර වූයේ ඉස්ලාම්, බුදුදහම, සහ paganism(සිංහල නම හරියටම දන්නේ නැහැ.)යන ඒවයි කියා.

මට දැන් හිතෙන්නේ මේයට ඇතුලත් විය යුතුම කොටසක් නම් Pastafarianism යන කන්ඩායමයි. දැන් කට්ටිය අන්දුන් කුන්දුන් වෙලා බලනවා මොකද්ද ඒ අග මුල නැති කතාව කියලා. තව පොඩ්ඩකින් තෙරේවි.බොහෝ දෙනෙක් මේ ආගම ගැන අහලවත් නැති බව මා දන්නවා. ඊට කලින් මේ දත්ත ගැන හිතන්න. මා හිතන හැටියට ලොඅකයේ ජනඝහණයෙන් 8%-10% පමන පස්ටෆාරියන්ලා. ඒ වගේම මෙය ඉතාම වේගයෙන් පැතිරෙනවා.

පස්ටෆාරියන්ලා අයිති වෙන්නේ Church of FSM(Flying Spaghetti Monster) නොහොත් පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලියටයි. (Spaghetti කියන වචනය මම නූඩ්ල්ස් කියලා පරිවර්තනය කලා. අර්ථය එච්චර වෙනස් වෙන් නැති නිසා.)  

ඔවුන්ගේ පිලිගැනීම්.

(1)ලෝකය ඇතුලු සියල්ල මැවුවේ පියාඹන නූඩ්ල්ස් යකා විසිනි.

(2)පෘථිවියේ උශ්ණත්වය ඉහල යාමට හේතුව, මුහුදු මංකොල්ලකරුවන් විශාල ලෙස අඩු වීමය.

ඔව් ඇත්තටම මෙය ලොකු විහිලුවක් විදිහටයි පෙනෙන්නේ. නමුත් මේ විහිලුවට යටින් ලොකු කතාවක් තියෙනවා.

2005 වසරේ ඇමරිකන් ජාතික බොබී හෙන්ඩර්සන් විසින් මෙම ආගම පිහිටුවනු ලැබුවේ(ඇත්තටම ආගමක් නෙවේ.), කැන්සාස් අධ්‍යාපන කමිටුව විසින්, පරිනාමවාදය(Theory of Evolution) සඳහා ඇති විකල්පයක් ලෙසට, මැවුම්වාදය(Theory of Intelligent design) ඉගැන්වීමට ගත් තීරණයකට විරුද්ධව.දෙවියන් විසින් සියල්ල මැවුවා යන සංකල්පය, පාසලේ උගන්වනවා නම්,පියාඹන නූඩ්ල්ස් යකාගේ සංකල්පයද, සමසේ තැබිය හැක්කක් බවත්, ඒබැවින් එය විශය මාලාවට ඇතුලත් කල යුතු බවටත් අධ්‍යාපන කමිටුවට විවෘත ලිපියක් යවමින් ඔහු තර්ක කලා. මේ එම ලිපිය. මේ ඔහු පිහිටුවපු වෙබ් අඩවිය. මේක හරි හාස්‍යයෙන් පිරි තැනක්.

මැවුම්කාර දෙවියන්ට ප්‍රසිද්ධියේ සරදම් කිරීමක් ලෙස මෙය පෙනුනත්, බොබී හෙන්ඩර්සන් කල දෙයෙහි වටිනා අරමුණක් තියෙන බවයි මට පෙනෙන්නේ.

කොහොම වුනත් ලෝකයේ ඉන්නා අදේවවාදින්, ආගමට නැඹුරුවක් නැති පිරිසෙන් කොටසක් අතර මේ දහම ඉතා ඉක්මනට ජනප්‍රිය වුනා.(Atheists, Agnostics, Humanists, etc වැනි අය අතරේ.) ඔවුන් නිකම්ම පස්ටාෆාරියන්ලා වෙනවානේ. මේ පිරිස ඉතා වෙගයෙන් වැඩි වෙන නිසා පියාඹන නූඩ්ල්ස් යකාගේ පල්ලියට හොඳ කලක් යන බවක් තමා පෙනෙන්නේ.

This entry was posted on Monday, April 26, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

14 comments

උඹේ බ්ලොගේ තීම් එක පට්ට.උඹේ ඇතුලාන්ත එහෙමත් නැත්තන් අන්තර්ගතේ පට්ට.මම ඒ දේ තීරණය කරන්න කලින් වැඩිද දන්නේ නෑ.උඹ ජනප්‍රියම නළුවා නොවී හොඳම නළුවා වෙන්න කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා!

සිරා ‍පෝස්ට් එකක්.. :D මමත් හෙනට ඉගෙන ගත්තා :D

(1)ලෝකය ඇතුලු සියල්ල මැවුවේ පියාඹන නූඩ්ල්ස් යකා විසිනි.

(2)පෘථිවියේ උශ්ණත්වය ඉහල යාමට හේතුව, මුහුදු මංකොල්ලකරුවන් විශාල ලෙස අඩු වීමය.

මරුම කතාව :D

හක් හක් හා.... මට හිනාව නවත්ත ගන්න බෑ :-)

පාඨකයා  

හරි ලස්සන සංකල්පයක්. ඕක අපි ලංකාවට ගැලපෙන්න වෙනස් කරගමු 'පියාඹන ඉඳි ආප්ප යකා' කියල.

ඉතින් තවත් අගක් මුලක් නැති කතාවක්ම තමා. දිගටම ලියන්න. මේ වගේ කතා කියන බ්ලොග් එකක් තියෙන එක හොඳයි!!!!!!!

@මුචලින්ද
බොහොම ස්තුතියි. උඹේ ප්‍රාර්ථනාව මා ඉතා අගයනවා. හොඳ දෙයක් ලබා දීමට උත්සාහ දරන්නම්.

@Kanishka,
මට හරිම සතුටුයි, ඔබ යමක් ඉගෙන ගත්තා නම්.

@චතුරංග රූපසිංහ,
මාත් එකඟයි. තව මරු කතා තියෙනවා, ඔවුන්ගේ වෙබ් අඩවියේ.

@තරිඳු,
නියමයි..

@Shiroshan Randika
දිගටම අග මුල නැති කතා ලියන්ඩ බලා පොරොත්තු වෙනවා.

@පාඨකයා,
මාත් මුලින් හිතුවා, ඉඳියාප්ප යකා කියලා දාන්ඩ. වැරැද්දක් නැහැ වගේ.

@LishWish
:)

මිතුරනි,ඔබලාගෙ ප්‍රතිචාරය වලට බොහොමත්ම තුති. මට ලොකු අභිප්‍රේරණයක් ලැබෙනවා. දිගටම ලිපි ලිවීමට බලාපොරොත්තු වෙනවා ඉඩ ලැබෙන සැටියෙන්..

කොහොමද දන්නේ නැහැ නේද මේ පල්ලියේ සාමාජිකත්වය ගන්නේ? පියාඹන යකෙක් වුනත් කමක් නැහැ නූඩ්ල්ස් දෙනවා නම් අපේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන්ට.

අසාමාන්‍යය ලිපියක්. ස්තුතියි.

ඔබත් අදේවවාදියෙක් නම් නිකම්ම සාමාජිකයෙක් තමා.

මටත් මේකට බැඳෙන්න ඕනේ

විශිස්ටයි. පස්ටාෆාරියන්ලා ගනන තවත් වැඩි වෙන්නයි යන්නේ.

lankawe kiyana katha hariyata oka mokakda bang

Anonymous  

Napolean famous of putting embarrassing questions on his academia once asked Laplace(one of the greatest mathematicians of all time, "Monsieur Laplace, They say that you have written this large book on the system of the universe but have not made no mention of its creator. Laplace bluntly answered, "I had no need of that hypothesis". Napolean greatly amused said this to another great mathematician of all time Lagrange. Lagrange exclaimed, "What a fine hypothesis!!! It explains so many things!!!"