මිතුරන් කිහිප දෙනෙක් සමග ඇතිවුන සකච්චාවකින් පසුව මට අපූරු ප්‍රශ්නයක ඇති වුනා.
ඔවුන් කිවවා කඩෙන් අපි මස් අරන් කෑවාට බුදු දහමට අනුව ප්‍රශ්නයක් නැහැනේ, මොකද ඒ සතා මැරුවේ අප වෙනුවෙන් නෙවේනේ කියලා.
මාත් ඔව් නේද කියලා ඔලුව වැනුවත් මට හිතුනා ඒ කියපු දේ පොඩ්ඩ්ක් තර්කානු කූල නැහැ කියලා. ඒ සතා මැරුවේ මිලදී ගන්න අප වෙනුවෙන් නෙවේ නම් කා වෙනුවෙන්ද කියලා සෑහෙන වෙලාවක් හිතුවත් මට හිතා ගන්න බැරි වුනා. මස් මිලදී ගැනීමෙන් අප ඒ සතාගේ හින්සනයට දායක වුනේ නැද්ද කියලා මට හිතුනා. මා මේ ප්‍රශ්නය මගේ මිතුරන්ට යොමු කලත් මට හරි පිලිතුරක් ලැබුනේ නැහැ. බුදු දහම ගැන මගේ දැනුම අඩු නිසා(මගේ මිතුරන් මට කීවේ එහෙමයි ) මා මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.
අජාන් බ්‍රහ්මවන්සෝ හමුදුරුවන්ගේ අදහස් නම් මෙහෙමයි.
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් ගැන මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි සඳහන් වෙන බවක් කියනවා.
තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
ඒ අනුව පෙනෙන්නේ මස් කෑම නොකල යුතු බව බුදුන් නොකී බවයි.
නමුත් එම සතා තමන් වෙනුවෙන් නොමැරූ බවට කිසිම සැකයක් නොතිබිය යුතුය. ඒ අනුව ගත් කල කඩෙන් මස් මිලදී ගෙන කෑම වැරදි බව මගේ හැඟීමයි. මස්මිලදී ගැනීමෙන් එම සතා මැරුවේ අප වෙනුවෙන් බව අප තහවුරු කරනවා. මෙහිදී අපගේ සිතුවිල්ල මගින් අප එම ප්‍රාණඝාතයට හවුල් වෙනවා. මස් මිලදී ගැනීම මගින් අපි තව දුරටත් ඒ සඳහ ඉල්ලුමක් ඇති කර්මින් තව දුරටත් ප්‍රනඝාතයට අනුබල දෙනවා.
එහෙනම් කන්ඩ හොද මොන මස්ද කියලා මම කල්පනා කලා. එහෙම මසක් නෑ වත්ද කියලාත් මා කල්පනා කලා.
පස්සේ මට මෙහෙම හිතුනා. අප පාරේ යනකොට ගැඩවිලෙක් මැරිලා හිටියා කියලා හිතන්ඩ, අන්න ඒ සතාව අප කෑවට කමක් නැහැ මොකද, උගේ මස් ත්‍රිකෝටි පාරිශුද්ධ නිසා. අප හොඳටම දන්නව ඒ ගැඩවිලා මැරුවේ, මැරුනෙ අපේ ක්‍රියාවක් නිසා නෙවේ කියලා.
ගැඩවිල්ලු ගැන කියද්දි කාට හරි අප්පිරියා හිතුනා නම් මට කියන්ඩ වෙන්නේ, මේක චීනේ හොඳ රස කෑමක් කියලා.
නැහැ ගැඩවිල්ලු ගැන කතා කරන්ඩ හේතුවක් තියෙනවා. සමහරු හිතනවා, ගැඩවිලෙක් මරලා කන එක මහ අප්පිරියා ජනක වැඩක් කියලා. ඒත් ගැඩවිලෙක් මරලා කෑවත් කුකුලෙක් මරලා කෑවත් ඇති වෙනස මොකද්ද කියලා මා අග මුල නැතිව කල්පනා කලා.
මා මේ ගැන සොයද්දී ඉතා වැදගත් දෙයක් හමු වුනා. එනම් බුදුන් කිසි දිනක මස් කෑ බවට සාක්ෂියක් නැති බවයි.
This entry was posted
on Sunday, April 25, 2010
and is filed under
ආගමික
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.
5 comments